අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණයක් සිදුනොකළ යුතු බවට මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වැඩි ඡන්ද 134කින් සම්මතයි

    ජූනි 18, 2014

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ‍ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සිදු නොකළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව දින දෙකක් විවාදයට ගෙන අද (18) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 134කින් සම්මත විය.


    මේ යෝජනාව සම්මත කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් අඬගසා ඡන්දයක් විමසන ලද අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 144ක් ද විරුද්ධව ඡන්ද 10ක් ද ලැබුණු අතර මන්ත්‍රීවරු 37 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර නොපැමිණි මන්ත්‍රීවරු ගණන 33ක් බව කතානායකවරයා ප්‍රකාශ කළේය.

     

    එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. දමිළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර මුස්ලිම් කොංග්‍රසයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන විට සභා ගැබේ නොසිටියහ.

     

    යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර සිටියේය.


    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය ශ්‍රී ලංකාවේ සංහිදියාවේ ක්‍රියාදාමයට හා සාමයට හානිකර වන හෙයින්ද , ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අභිමානයට හා උදාරත්වයට අභියෝගයක් වන හෙයින්ද , එකී පරීක්ෂණය සිදු නොකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි යනුවෙන් එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අචල ජාගොඩ, ජානක බණ්ඩාර, උදිත් ලොකුබණ්ඩාර, ඒ.එච්.එම්. අස්වර්, ශාන්ත බණ්ඩාර, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, නිමල් විජේසිංහ, ආර් දුමින්ද සිල්වා මහත්වරු සහ මාලනී ෆොන්සේකා මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූහ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya