මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍ර.ජා.සන්ධානය හා එජාපය ගෙනා සංශෝධන වැඩි ඡන්දයෙන් පරාජයට පත් වේ

    ජූනි 18, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ‍ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සිදු නොකළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව දින දෙකක් විවාදයට ගෙන අද (18) විවාදය අවසන් වූ අවස්ථාවේ එම යෝජනාවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පත්කළ මන්ත්‍රී අනුර දිසානායක මහතා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන ලදී.


    එම සංශෝධන යෝජනාවට එක් කිරීමට විරුද්ධ බව සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළ අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට කතානායක චමල් රාජපක්ෂ මහතා තීරණය කළේය.


    එහිදී සංශෝධන ඉදිරිපත් කිරීමට පක්ෂව ඡන්ද 49ක් ද විරුද්ධව ඡන්ද 144ක් ද ලැබිණි.


    සංශෝධන ඉදිරිපත් කිරීමට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංන්ධායේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ.

     

    ඉන් අනතුරුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ද සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ අතර එම සංශෝධන සම්බන්ධයෙන් ඡන්දයක් නොවිමසූ අතර බහුතරයක් එයට විරුද්ධ බව පෙනී යන බව කතානායකවරයා ප්‍රකාශ කළේය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya