අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක හමුදා ගෙන ගිය සටනේදී එජාපය කිසිදු සහයක් දුන්නේ නෑ

    ජූනි 18, 2014
    එක්සත් ජාතික පක්ෂය ආරක්ෂක හමුදා ගෙන ගිය සටනේදී කිසිදු සහයක් දුන්නේ නැති බවත් අපේ ආරක්ෂක හමුදාව යුද්ධයෙන් පරාජය වූ පසු ජනාධිපතිවරයා පරාජයට පත් වන තුරු බලා ගෙන සිටි බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් මෙරටදී සිදු කරන බවට සඳහන් කර ඇති පරීක්ෂණයට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවේ දෙවැනි දින විවාදයට එක්වෙමිනි. 

     

    අවුරුදු 30ක යුද්ධයේදී ජේ.ආර්. ආණ්ඩුව කාලයේ සිට පැවති ආණ්ඩු යුද්ධයෙන් වැටුණු අමාරුව ගැන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් වෙයි කියා ඔවුන් බලා සිටි බව පැවසූ අමාත්‍යවරයා යුද ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තරයත් සමඟ එක්වී විපක්ෂය දේශපාලන කුහකකමකින් පසු වූ බව සඳහන් කළේය. 

    ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කරන රජයක් ලෙස ඒ ප්‍රඥප්තිය ආරක්ෂා කරන්න අප බැඳී සිටී. යුද්ධයෙන් රට තුළ භෞතික හා අභ්‍යන්තර වශයෙන් පරාජයට පත් වූ එල්.ටී.ටී.ඊ.ය පක්ෂ විදේශයන්හි සිටි පිරිසක් දුන් වැරදි කරුණු මත මේ ප්‍රශ්නය ඉදිරියට ආ බව ඔහු පැවසීය.

     

    රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට අපට හැකියි. මේ ජිනීවා හරහා එන පරීක්ෂණ තුළ ශක්තිමත් වන්නේ මේ රටේ මිය ගිය ත්‍රස්තවාදීන්ට නැවත පණ දීමයි. මේ ගැන විදේශ මැදිහත්වීමක් අවශ්‍ය නැති නම් විපක්ෂය දේශපාලන කුහකත්වයෙන් තොරව ප්‍රකාශයක් කළ යුතුයි අපේ ප්‍රශ්න විසඳා ගන්න ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය නැති බවට යන්න අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    පොදු මහජනතාව යුද අත්දැකීම් එක්ක පැවති දුෂ්කරතා අත්වින්දා. ඒ තත්ත්වය නැවත අත්විඳිනවාද යන්න අප සිතිය යුතුයි. අපේ රණ විරුවන් දක්ෂ බව ලෝකයම දැක්කා. ත්‍රස්තවාදය නමැති බලවේගය අනෙක් රටවලට කළ නොහැකි දේ අප ඉටුකළ නිසා ජයග්‍රහණයෙන් පසු සමස්ත ජනතාවගේම ආශිර්වාදය අපට ලැබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya