මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ‍පේ රජය කිසිම වි‍දේශ රටකට යට‍‍වෙන්‍‍නේ වත් රණවිරුවන් පාවා‍‍ ‍දෙන්නේ වත් නෑ

    ජූනි 18, 2014

    අ‍පේ රජය කිසිම වි‍දේශ රටකට යට‍‍වෙන්‍‍නේ වත් රණවිරුවන් පාවා‍‍ ‍දෙන්නේ වත් නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් මෙරටදී සිදු කරන බවට සඳහන් කර ඇති පරීක්ෂණයට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ ව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමිනි. අද විවාදයේ දෙවැනි දිනයයි.


    අ‍පේ මන්ත්‍රීවරුන්ට ‍‍මේ ‍යෝජනාව ඉදිරිපත් කිරීම ගැන මා ස්තූති වන්ත ‍වෙනවා. වි‍ජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා‍ගේ කතාව සම්බන්ධ‍යෙන් යමක් කිව යුතුයි. ‍රෝම ප්‍රඥප්තිය අත්සන් ‍නොකළ එක ‍හොඳයි. ඒත් ‍මේ ප්‍රඥප්තිය අත්සන් කරන්න හදන විට ඇමරිකාව දැවැන්ත වැඩපිළි‍වෙළක් ක්‍රියත්මක කළා. ‍මෙය අත්සන් කරන්න එපා කියා. එදා ඇමරිකා‍වේ බලපෑමක් ඇතිවද නැතිවද අත්සන් ක‍ළේ නැත්තේ කියන්න මා දන්නේ නැහැ. රටට පළමු තැන ‍දෙන්නේ කවුද නැත්තේ කවුද කියන එක අද ඡන්ද විමසී‍මේදී බලා ගන්න පුළුවන්.

    බැන් කී මූන් මහතා සමග අත්සන් කළ ඒකාබද්ධ ගිවිසු‍මේ අ‍පේ රටට අහිතකර ‍දෙයක් ඇතුළත් කර නැහැ. මා එය හැන්සාර්ඩ් වාර්තා‍‍වට ඇතුළත් කරනවා. ‍මේ වාර්තාව කියවා බලන්න. එල්.එල්.ආර්.සී. ‍කොමිසම පත් කර මාස ‍දෙකකට පසුවයි දරුස්මාන් කමිටුව පත් ක‍ළේ. දේශීය වශ‍යෙන් ප්‍රතිඵලයක් ලබා ගත ‍නොහැකි නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි. බ්‍රිතාන්‍ය‍යේ සිල්‍කොට් ‍කොමිසම වසර 6ක් ගිහින් තවම වාර්තාව භාර දී නැහැ. බ්‍රිතාන්‍ය‍යේ වි‍දේශ කටයුතු අමාත්‍යාංශ්‍ය උසාවි ගියා. දූරකතන ඇමතුම් පටිගත කිරීම් ලබා ‍දෙන්නට බැහැයි කීවා. මින් බ්‍රිතාන්‍යයි ඇමරිකාවයි අතර ති‍බෙන බැඳීම් බිඳ වැ‍ටෙන බව කීවා. අපට තවම වසර 5ක් ගිහින් නැහැ යුද්ධය නිම‍වෙලා. ‍දේශීය වැඩපිළි‍වෙළක් තිබියදී ජාත්‍ය්නතර පරීක්ෂයක් ඉල්ලනවා.


    ඉරාක‍යේ ප්‍රශ්නයට ඔවුන් කටයුතු කළ ආකාරය බලන්න. අයර්ලන්ත‍යේ 13ක් අමු අමු‍වේ මරා දැමුවා. ‍ඩේවිඩ් කැමරන් මහතා පාර්ලි‍මේන්තුවට ගිහින් සමාව ගත්තා. පිල්ලේ මහත්මියට ‍මේවා මතක් වු‍ණේ නැද්ද?. එතුමියට ඕන වු‍ණේ ‍මේ කුමන්ත්‍රණකාරී වැඩපිළි‍වෙළ ‍ගෙන එන්නයි. ‍මේවාට සාක්ෂි දුන් අයට වසර ගණනාවක් තිස්‍‍සේ රැකවරණ ලබා ‍දෙනවා. ජනාධිපතිතුමාට ඇමරිකාවට ගිහින් ඔබමා කියන ආකාරයට හැම‍දෙයක්ම කරන්නම් කීවා නම් ‍මේ පරීක්ෂණ රටට එන්නේ නැහැ. අපි ‍මොනම රටක්වත් ඇසුරු කරන්නේ නැහැ. චීනය රුසියාව වැනි රටවල් සමග කටයුතු කරන්නේ නැහැ කියා කීවා නම් ‍මේ ‍යෝජනා අපට එ‍රෙහිව එන්නේ නැහැ. යුද්ධය අවස්ථා‍වේ ඒ අයට අවශ්‍ය අය බේරගන්න උදව් කළා නම් අපිට ‍මේ ප්‍රශ්න නැහැ. අ‍පේ රජය කිසිම වි‍දේශ රටකට යට‍‍වෙන්‍‍නේ වත් රණවිරුවන් පාවා‍‍ ‍දෙන්නේ වත් නැහැ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya