අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාගම්පුර වරායෙන් 2013 වසරේදී රුපියල් මිලියන 2427ක ලාභයක්

    ජූනි 18, 2014

    මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය 2013 දී රුපියල් මිලියන 2427ක ලාභයක් ලබා ඇති බවත් එම ලාභය ලබා ගෙන ඇත්තේ වරාය ඉදිකිරීම සඳහා ලබා ගත් ණය ගෙවීමෙන් පසුව බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (18) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    වරාය අධිකාරිය විදේශීය විචල්‍යයන්ට පෙර ලාභ ලැබුවත් පාඩු ලබන්නේ එදා එජාප කාලයේ ජපානයෙන් ගත් යෙන් ණය ගෙවන නිසා බවත් ජපන් යෙන් එක දින දිනෙන් වැඩිවීම මේ සඳහා හේතු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අප 9%ක මහා ප්‍රතිශතයකට ණය ලබා ගෙන නැහැ. ණය ගත්තේ ගෙවා ගන්න හැකි ලෙසයි. එදා ණය ගත්තේ අවුරුදු 40කට වැනි දීර්ඝ කාලයකටයි. ඒ කාලවල තීන්දු තීරණ නිසා මේ ප්‍රශ්න ඇති වී තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya