අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසයේ සිදුකරන දැවැන්තම දේශපාලන පාවාදීම සිදු නොකළ යුතුයි

    ජූනි 18, 2014

    යුද්ධය අවසන් සතියේ සිදු වූ දේ සොයන්න ජාත්‍යන්තර පරීක්ෂණ තියන්න උත්සාහ දරන මේ මොහොතේ පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස ඊට එරෙහිව කටයුතු නොකරන්නේ නම් ඉතිහාසයේ සිදුකරන දැවැන්තම දේශපාලන පාවාදීම එය බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ‍ කොමසාරිස් කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සිදු නොකළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ අදහස් දක්වමිනි.

    යුද්ධය අවසන් කිරීම නිසා ආරක්ෂා වූයේ එක පවුලක් නොවේ. මේ රටේ සමස්ත ජනතාවයි. යුද්ධය අවසන් කිරීමෙන් පසුව උදාවූ සාමයේ ප්‍රතිලාභ යුද්ධයට පක්ෂ හා විපක්ෂ වූ සියලු දෙනාම අද භුක්ති විඳිනු ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අවස්ථාවේදී අප සතුව පවතින ජාතික වගකීමෙන් පැන යන්න පුළුවන්දැයි සභාවෙන් ප්‍රශ්න කළේය.

    මානව හිමිකම් චෝදනා එල්ල කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ උත්සාහ කරන්නේ යුද්ධයේ අවසන් සතිය තුළදී සිදු වූ දේවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට සහ සේනාධිනායකයා ප්‍රමුඛ වීරෝදාර රණ විරුවන් අධිකරණය වෙත ගෙන යාමටයි. ජාත්‍යන්තරය එන්නේ රතුපස්වල ගැන සොයන්න නොවන බවත් ඔවුන්ගේ අරමුණ යුද්ධයේ අවසන් සතියේ යුද අපරාධ වූවාදැයි සොයා බැලීමට බවත් යුද්ධ කළ යුතුය යන මතය සමාජගත කළ අපට මේ අවස්ථාවේදී සමාජ වගකීමෙන් කර අරින්නට බැරි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    වාද භේද ඉදිරියට දමා ගෙන යුද අපරාධ සොයන්න අත පෙවීම් කරන්නට ඉඩ දිය හැකි දැයි ප්‍රශ්න කළ විමල් වීරවංශ මහතා යුද්ධය අවසන් කිරීමේ වේදනාවෙන් පෙළෙන අය පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya