අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප මව්බිමට බටහිර බලවේගයන්ගේ බලපෑමක් අවශ්‍ය නෑ

    ජූනි 17, 2014

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ‍ කොමසාරිස් කාර්යාලය මඟින් විමර්ශන කණ්ඩායමක් පරීක්ෂණ සඳහා ලංකාවට පැමිණීම සියලු ශ්‍රී ලාංකිකයන්ට අභියෝගයක් බවත් අප මව්බිමට බටහිර බලවේගයන්ගේ බලපෑමක් අවශ්‍ය නැති බවත් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් මෙරටදී සිදු කරන බවට සඳහන් කර ඇති පරීක්ෂණයට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව ස්ථිර කරමින් විවාදයට එක්වෙමිනි. 


    මේ රටේ පැවති වසර 30ක ත්‍රස්තවාදය නිමාකරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. දැන් සියලුදෙනා නිදහස භුක්ති විඳිනු ඇත. සියලු ජාතීන් එකට සිටින බව ලොවට පෙන්විය යුතුයි. මව්බිමට බටහිර බලවේගයන්ගේ බලපෑමක් අවශ්‍ය නැති බවත් භෞමික අඛණ්ඩතාව රැකගැනීමට අපට හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya