අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණයක් සිදු නොකළ යුතුයි

    ජූනි 17, 2014

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණයක් සිදු නොකළ යුතු බවත් මෙවැනි දෙයක් කිරීම කිරීම ජනතා පරමාධිපත්‍යයට බලපාන කරුණක් බැවින් මේ ගැන ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට තීරණයක් ගත නොහැකි නිසා ජනමත විචාරණයකට යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ‍ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සිදු නොකළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ අදහස් දක්වමිනි.


    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවේ සංහිඳියාවේ ක්‍රියාදාමයට හානි කරන නිසාත් මෙරට අභිමානයට හා ස්වෛරීත්වයට අභියෝගයක් වන නිසාත් මෙවැනි පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි කී ඔහු අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 01 වෙනි වගන්තිය අනුව  ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බව සඳහන්ව ඇතැයි කීය.


    ඒ අනුව මේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තියෙන් ම තහවුරු කර ඇත. මේ රටේ නීතියේ, අධිකරණයේ මූලය ජනතාවයි. ජනතාවගේ ව්‍යවස්ථාමය බලය අප පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරනු ඇත. මේ රටේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට පිළිගත් අධිකරණ පද්ධතියක් ඇත. රට රටවලින් එන විමර්ශන කණ්ඩායම්වලට මෙරට විමර්ශනය කිරීමේ බලයක් නැත. ඒ මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්ති උල්ලංඝනය වේ. මේ ගැන සාකච්ඡා කළ යුතු බවත් මේ කාරණාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ බවත් ඔහු අවධාරණය කළේය.

     

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ පළමු වගන්තිය අනුව අදාළ රාජ්‍යයන් එහි සාමාජිකත්වයෙන් බැඳී සිටින්නේ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පමණක් බව සඳහන් වේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද ව්‍යවස්ථා විරෝධී ලෙස මේ කාර්යයට සම්බන්ධ වේ. ප්‍රඥප්තියේ දෙවන වගන්තිය අනුව වෙනත් රටවල ස්වෛරීත්වයට ඇඟිලි ගැසිය නොහැකියි. සාමාජික රටවල දේශපාලන ස්වාධීනත්වයට ඇඟිලි ගහන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලයක් නැහැ. සදාචාරාත්මක අයිතියකුත් නැහැ. අවුරුදු 30ක යුද්ධයකින් දුක් වින්ද ජනතාවක් එයින් නිදහස් කළ රටකට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන එන්නේ කෙසේද? යැයි ඔහු ප්‍රශ්න කළේය.

    එක්සත් ජාතික පක්ෂයෙන් අහනවා ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම් ලංකාවට එනවාට කැමතිද? එදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන විට පළමුව මව්බිම කියා ජනතා විමුක්ති පෙරමුණ හදපු අය; අද ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම් ලංකාවට එනවාට කැමතිද? යන්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya