මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන ආධාර ලෙස වාර්ෂිකව මිලියන 3000ක් ලබාදෙනවා

    ජූනි 17, 2014

    රුපියල් මිලියන 3000ක් වාර්ෂිකව අඩු ආදායම් ලබන පුද්ගලයන් සඳහා මහජන ආධාර ලෙස සමාජ සුබසාධන අමාත්‍යාංශය මඟින් ලබාදීමට කටයුතු කරන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගල්කන්ද මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    වසර 24කට පසු මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ කාලයේදී මෙවැනි දෙයක් සිදු නොකළ බවත් පැවසූ අමාත්‍යවරයා ආබාධිත පුද්ගලයන් සඳහා ගෙවල් 4000ක් ඉදිකරදීමට ද පියවර ගෙන ඇතැයි කීය.


    වසර 30ක යුද්ධයෙන් පසු පුද්ගලික අංශයටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදන්න සැලසුම් සකස් කර ඇති බවත් විශ්‍රාම වැටුප් හැමෝටම අවශ්‍ය නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya