අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සංචාරක ලෝකයේ ට්‍රැවල් ඇඩ්වයිසර් දීම සිරිතක් වී තිබෙනවා

    ජූනි 17, 2014

    අලුත්ගම - බේරුවල සිද්ධිය ගැන සැඟවිය යුතු දෙයක් නැති බවත් ඒ ඒ රටවල්වලින් සංචාරකයන් සඳහා ට්‍රැවල් ඇඩ්වයිසර් වැනි දේ අවස්ථානුකූලව පනවන බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකදී ඕස්ට්‍රේලියානු රජය මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ට්‍රැවල් ඇඩ්වයිසර් පනවා ඇති බවට කරන ලද ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.


    ඒ ඒ රටවල් අවස්ථානුකූලව සිදු කරන මෙවැනි දේ රටවල තත්ත්වය සලකා බලා ඉවත් කරන බව පැවසූ අමාත්‍යවරයා එය සංචාරකයන්ට දෙන උපදෙසක් බවත් අද සංචාරක ලෝකයේ ට්‍රැවල් ඇඩ්වයිසර් දීම සිරිතක් වී ඇති නිසා ඒ ගැන අනවශ්‍ය ලෙස සිතිය යුතු නැති බවත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya