අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැඳවා තිබෙනවා

    ජූනි 17, 2014

    ජාතික පාසල්වල පැවති විදුහල්පති පුරප්පාඩු දිගින් දිගටම පුරවා ඇති බවත් මේ වන විට ජාතික පාසල්වල විදුහල්පති සේවය සඳහා පුරප්පාඩු 98ක් ඇති අතර ඒවා පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇති නිසා රාජ්‍ය සේවා කොමිසම් සභාවේ අනුමැතිය අනුව අදාළ පුරප්පාඩු සපුරන බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    කොපමණ පුරප්පාඩු ප්‍රමාණයක් සපුරනවා ද යන්න තීරණය කරන්නේ රාජ්‍ය සේවා කොමිසම මඟිනි. ඇතැම් පාසල්වලට එකම අයදුම්පතක්වත් ඇවිත් නැති නිසාත් එම පාසල වසා දැමිය නොහැකි නිසාත් වැඩබැලීම සඳහා හෝ නියෝජ්‍ය විදුහල්පතිනරයෙකු හෝ පත් කිරීමට සිදු වන බව ඔහු පෙන්වා දුන්නේය.


    අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් සඳහා ඊයේ (16) පත්වීම් ලබා දුන් බවත් ඉන් 35 දෙනෙකු විදුහල්පති සේවයට යෑමට කැමැත්ත පළ කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා විදුහල්පති සේවය සඳහා විධිමත්ව පත්වීම් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya