අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ දැක්ම 2016 වන විට ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 3.2% දක්වා අඩු කිරීමයි

    ජූනි 17, 2014

    රජයේ දැක්ම 2016 වන විට ඵලදායී රැකිය අවස්ථා ඇති කරමින් ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 3.2% දක්වා අඩු කිරීම බවත් එවිට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව 2013 වර්ෂයේ 3.7%ක් වන විරැකියා අනුපාතය තවදුරටත් පහත වැටෙන බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    රැකියා සඳහා පවතින අවශ්‍යතාව සැපිරීමට නම් දළ දේශීය නිෂ්පාදනයේ 30% ඉක්මවා පෞද්ගලික අංශය පවත්වා ගෙන යාමට අපේක්ෂිතයි. එසේම නැගෙනහිර පළාතේ විරැකියාව 3.1% දක්වා අඩු කිරීමට ද අපේක්ෂා කරන බවත් ඒ ඉලක්කය සපුරා ගැනීමට නැගෙනහිර පළාතේ වැඩ කටයුතු සිදු කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    නැගෙනහිර නවෝදය වැඩසටහන සඳහා රජය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇත. පාසල් හැර ගිය පිරිසර වෘත්තීය පුහුණුව ලබාදීම, පිහිටුවා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 20ක් පමණ දිස්ත්‍රික්කය තුළ පිහිටුවා තිබීම, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල විෂයයන් 28ක් පමණ ක්‍රියාත්මක කරමින් පාසල් හැරගිය පිරිසට දැනුම ලබා දීම ඒ අතර වන බව ද ඔහු පෙන්වා දුන්නේය.


    නැගෙනහිර පළාතට ආසන්න අග්නිදිග විශ්වවිද්‍යාලය හා හාඩි කාර්මික විද්‍යාලය නවීකරණය කිරීම, පාසල් 1000 වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ හඳුනාගත් පාසල් 32ක් සඳහා භෞතික හා මානව සම්පත් වැඩිදියුණු කිරීම, වාලච්චේන වැනි ධීවර වරායන් ප්‍රතිසංස්කරණය හා දිවි නැඟුම මඟින් පහසුකම් සැලසීම, ගම නැඟුමෙන් යටිතල පහසුකම් හා සුළු වාරිකර්මාන්තය සංවර්ධනයට පියවර ගෙන ඇත. දැයට කිරුළ මඟිනුත් කඩිනම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මජකලපුව කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත පුරයක් පිහිටුවීමත් හෝටල් සඳහා පුද්ගලික අංශය දිරිගන්වමින් රැකියා ඉඩප්‍රස්ථා සැලසීම හා පාසිකුඩි, කල්කුඩාහි සංචාරක කලාප බිහිකිරීමට පියවර ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya