අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් - බොලීවියා ජනපති

    ජූනි 17, 2014
    ජී77 කණ්ඩායමේ ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගීවීමට බොලීවියාවට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (16) බොලීවියා ජනාධිපති මාලිගයේ දී එරට ජනාධිපති ඊවෝ මොරලෙස් අයිමා මැතිතුමා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
     
    ශ‍්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බව එහිදී මොරලෙස් මැතිතුමා පැවසීය.
     
    තමාගේ බොලීවියානු චාරිකාව දකුණු ඇමරිකානු රාජ්‍යයන් සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවල හා ආර්ථික, වෙළෙඳ සබඳතාවල නව ආරම්භයක් බව කී රාජපක්ෂ මැතිතුමා, නව ජාතීන් සමඟ මිත‍්‍ර සබඳතා ඇතිකර ගැනීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බව ද සඳහන් කළේය.
     
    ශ‍්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, කර්මාන්ත, ආනයන හා අපනයන ක්ෂේත‍්‍රවල තොරතුරු විමසූ මොරලෙස් මැතිතුමා ශ‍්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව සඳහන් කළේය. බොලීවියාවේ ඇඟලුම් කර්මාන්තය දියුණු කිරීම සඳහා උදව් කළ හැකි දැයි රාජපක්ෂ මැතිතුමාගෙන් විමසා සිටි එතුමා, ඇඟලුම් කර්මාන්තය ආරම්භ කිරීම සඳහා ශ‍්‍රී ලංකාවෙන් විශේෂඥ දැනුමක් සහිත කණ්ඩායමක් එවන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ සඳහා රාජපක්ෂ මැතිතුමා කැමැත්ත පළ කළේය. 
     
    ශ‍්‍රී ලංකාවෙන් බොලීවියාවට කුරුඳු ආනයනය කර ගැනීමේ ඉඩකඩ පිළිබඳව විමසූ බොලීවියානු ජනාධිපතිතුමා, ජල විදුලි උත්පාදන ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාවේ අත්දැකීම් බෙදාගැනීමට ද තම රට කැමැත්තෙන් සිටින බව කීය.
     
    ශ‍්‍රී ලංකාවේ චාරිකාවක් සඳහා එන්නැයි රාජපක්ෂ මැතිතුමා මෙහිදී කළ ආරාධනය බොලීවියානු ජනාධිපතිතුමා විසින් පිළිගන්නා ලදී.
     
    ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාව අත්කර ගත් ප‍්‍රගතිය පිළිබඳව විස්තර කළ රාජපක්ෂ මැතිතුමා, එම ප‍්‍රගතිය නොසලකා මානව හිමිකම් ආයුධයක් කොටගෙන බාහිර බලපෑම් සිදුවන බව සඳහන් කළේය. මෙවැනි ප‍්‍රශ්න තම රටේ අතීතයේත් වර්තමානයේත් තිබෙන බව බොලීවියා ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර සිටියේය.
     
    ද්විපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් බොලීවියා මාලිගය අභියස වර්ණවත් හා උණුසුම් හමුදා ගෞරවාචාර පිරිනමනු ලැබූ අතර, එම අවස්ථාවට මොරලෙස් මැතිතුමා ද එක් විය.
     
    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශ අධීක්ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ සිනමා සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙනිය යන මහත්ම මහත්මීහු සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    DB/NP_PS&IMU
     
    he bolivia 1
     
     
    he bolivia 2
     
    he bolivia 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya