මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැක්වූ දායකත්වයට ජනාධිපතිතුමාට බොලීවියාවෙන් සම්මානයක්

    ජූනි 17, 2014

    බොලීවියානු රජය මඟින් පිරිනැමූ “ප‍්‍රජාතන්ත්‍රවාදී නියෝජිත මාසෙලෝ කුයිරෝගා සැන්ටා කෲස් පාර්ලිමේන්තු අභිධානය” නමැති සම්මානයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (16) පිදුම් ලැබීය.


    බොලීවියා උප ජනාධිපති හා ජාතික මන්ත‍්‍රණ සභා සභාපති අල්වාරෝ ග‍්‍රාසියා ලිනෙරා (Álvaro García Linera) මහතා විසින් ලා පැස් නගරයේ ජාතික මන්ත‍්‍රණ සභාවේ දී ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට මේ සම්මානය පිරිනමන ලදී.


    ජුනි මස 14 සහ 15 පැවති ජී77 කණ්ඩායමේ ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බොලීවියා සංචාරයේ නිරතවන අවස්ථාවේ බොලීවියාවේ ඉහළම ගෞරව සම්මානය වන මෙම සම්මානය; සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දක්වන දායකත්වය අගය කරනු වස් පිරිනැමුණි.

     

    President Rajapaksa Receives Award for Contributions to Peace and Democracy


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා මේ ගෞරව සම්මානය වෙනුවෙන් තෝරා ගන්නා ලද්දේ ත‍්‍රස්තවාදය පරාජය කර ශ‍්‍රී ලංකාවේ සාමය හා සංවර්ධනය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම නිසා බව බොලීවියාව පැවසීය. මානව හිමිකම් හා බොලීවියාව ඇතුළු දකුණු ඇමරිකාව සමග සබඳතා වර්ධනය හා පුළුල් කිරීමේ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ දායකත්වය ද මෙතුළින් ඇගයීමට ලක් කර ඇත.


    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් මහතා ද මේ සම්මානය ලැබීමට නියමිතව සිටියෙකි.


    HC/NP_PS&IMU_Pix By : Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya