අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා කියුබා ජනාධිපති සමඟ සාකච්ඡා පවත්වයි

    ජූනි 16, 2014

    77 කණ්ඩායමේ ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වීම සඳහා බොලීවියාවේ සැන්ටා කෲස් නගරය වෙත ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කියුබා ජනාධිපති රාවුල් කස්ත්‍රෝ (Raúl Castro) මැතිතුමා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය. 


    ජාත්‍යන්තර වේදිකාවල දී ශ‍්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට කියුබානු ජනාධිපතිවරයා එහිදී සහතික විය. 

    “ඔබ වැනි නායකයන් සමග ක‍්‍රියාකරන්න අපි කැමතියි”, ජනාධිපති කස්ත්‍රෝ මැතිතුමා පැවසීය. “කියුබාවේ සියලු මිතුරන්ට ඔහුගේ සුබපැතුම් පුද කරන්නැයි ෆිදෙල් මට පැවසුවා. ඔබ අපගේ එක් මිතුරෙක්”.

     

    HE Raúl Castro meet He mahinda rajapaksa

    ලබා දෙන සහයෝගයට ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා කියුබාවට ස්තුතිය පළ කළේය. “ඔබ සිටින තැන අපට පහසුවක් දැනෙනවා”, ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා කීය. “අපව අවබෝධ කර ගන්නා මිතුරෙකු අපට සිටින බව අපි දන්නවා”.

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශ අධීක්ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න, එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී  ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන හා කියුබාවේ ශ‍්‍රී ලංකා තානාපති සරත් දිසානායක යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවලට එක්ව සිටියහ.


    NDH/NP/PS&IMU_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya