අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා බොලීවියාවේ ලා පැස් නුවරට ළඟා වේ

    ජූනි 17, 2014

    ජී77 කණ්ඩායමේ ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුුළුවට සහභාගී වීමට බොලීවියාවේ සැන්ටා කෲස් නගරයට

    ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (16) පෙරවරුවේ ලා පැස් අගනුවර වෙත ළඟා විය.


    බොලීවියාවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ලා පැස් හි එල් අල්තෝ (El Alto) අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී ජනාධිපතිතුමා

    පිළිගන්නා ලදහ. ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් යුධ හමුදා උත්තමාචාරයක් ද පැවැත්වුණි. ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ

    බොලීවියානු චාරිකාව දෙරට අතර ද්විපාර්ශවික සබඳතාවන්හි කඩඉමක් බව පැමිණ සිටි නිලධාරීන්ගේ අදහස විය.


    මෙය බොලීවියාව සමගින් හා සමස්ථයක් වශයෙන් දකුණු ඇමරිකාව සමග වන ද්විපාර්ශ්වික සබඳතාවන්හි නව ඇරඹුමක් බව රාජපක්‍ෂ

    මැතිතුමා පැවසීය.


    ජාතික මන්ත‍්‍රණ සභාව (Legislative Assembly) ලෙස හඳුන්වන බොලීවියාවේ පාර්ලිමේන්තුවට පැමිණි රාජපක්‍ෂ මැතිතුමා පිළිගන්නා

    ලද්දේ එරට විදේශ අමාත්‍ය ඩේවිඩ් චෝකුයිකුඅන්කා සෙස්පෙඩේස්  (David Choquehuanca Céspedes) මහතා විසිනි. ජාතික

    මන්ත‍්‍රණ සභාව විසින් එහි ඉහළම සම්මානය ජනාධිපතිතුමාට පිරිනැමීමට ද නියමිත ය.


    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya