අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ‍්‍රාමික පාරිතෝෂික දීමනා ගෙවීම පෙරපරිදිම - ජනපතිගෙන් උපදෙස්

    ජූනි 16, 2014
    විශ‍්‍රාමික පාරිතෝෂික දීමනා ගෙවීම සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළ වෙනස් කිරීමකින් තොරව පෙර පරිදිම කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ දිනවල බොලීවීයාවේ පැවැත්වෙන ජී 77 ස්වර්ණ ජයන්ති සමුළුවට සහභාගී වෙමින් සිටියදී ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතාට උපදෙස් දී තිබේ.


    පෙර පැවැති ක‍්‍රමවේදය යටතේ මේ පාරිපෝෂිකය විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලබාගැනීමට ඉඩ සලසා තිබුණු අතර සිදුවන ප‍්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා රාජ්‍ය බැංකු හරහා පාරිතෝෂිකය ලබාදීමේ නව ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍යාංශය කටයුතු කර තිබුණි. 


    විශ‍්‍රාම පාරිතෝෂිකය මේ ක‍්‍රමවේදයන් දෙකෙන් කැමති ක‍්‍රමයකට ලබා ගැනීමට රාජ්‍ය සේවකයන්ට ඉඩ සලසා තිබුණි. 2002 වසරේ දී එක්සත් ජාතික පක්ෂ රජය විසින් අහෝසි කරන ලද විශ්‍රාම වැටුප් හිමිකම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුකූලව 2005 වසරේදී ස්ථිරව ක්‍රියාවට නංවන ලදී. ඒ අනුව වාර්ෂිකව 450,000ක පිරිසක් මේ වනවිට විශ්‍රාම වැටුප් ලබන අතර ඒ සඳහා රජය වාර්ෂිකව රුපියල් බිලියන 125කට ආසන්න මුදලක් වැය කරයි. 


    20,000ක පමණ පිරිසක් වාර්ෂිකව විශ‍්‍රාම ලබන අතර මේ පිරිසට විශ‍්‍රාම වැටුප් ගෙවීමේදී සිදුවන ප‍්‍රමාද දෝෂයන් අවම කර ගැනීම සඳහා රාජ්‍ය බැංකු මඟින් පාරිතෝෂිකය ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය තර තිබිණි.

     

    නව වැටුප් චක‍්‍රලේඛය මඟින් 2006 වසරේ දී වැඩි කළ වැටුප් හේතුවෙන් ඉල්ලුම්පත් වැඩි ප‍්‍රමාණයක් ලැබූ හෙයින් විශ‍්‍රාම වැටුප් ගෙවීමේ දී සිදු වූ ප‍්‍රමාදයන් අවම කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබුණු අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව විශ‍්‍රාම යන දින ම මේ පාරිතෝෂිකය ලබාදීම සඳහා නව වැඩපිළිවෙළක් ලෙස රජයේ බැංකු මඟින් එම පාරිතෝෂිකය ගෙවීම් කිරීමට තීරණය කෙරිණි.

     

    මේ සම්බන්ධයෙන් එල්ල වී තිබෙන විරෝධතා හේතුවෙන් එම කරුණු සලකා බලා එය වෙනස් නොකරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දී ඇත.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya