මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි රහිතව සහාය දෙන්න

    මාර්තු 25, 2015

    laxmanකොන්දේසි රහිතව 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්නැයි සභානායකඅමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

     

    මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පමණයි බලය අතහැරීමට ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා තිබෙන්නේ. විපක්ෂ නායකතුමා කොන්දේසියක් දමනවා.මෙම සංශෝධනයෙන් නැවත17 වැනි සංශෝධනය ගෙනැල්ලා තිබෙනවා.මෙය කොපමණ පරිත්‍යාගශීලි ක්‍රියාවක් ද.ඉතිහාසයේ ව්‍යවස්ථා ගෙනාවේ බලය තහවුරු කරගන්නටයි.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පමණයි එකම ජනාධිපතිවරයා වන්නේබලය අතහරින්නට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාව.

     

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි රහිතව සහාය දෙන්න.මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නට වසර 13ක් තිබුණා. එහෙත් වෙනස් කළේ නෑ.තුනෙන් දෙකේ බලය තිබුණා.එහෙත් එයට දේශපාලන වුවමනාවක් තිබුනේ නෑ.එය අපිට දින සියයයෙන් කරන්න කියන එක අසාධාරණයි.අද අලුත් ජනාධිපතිවරයෙක්,අලුත් පාර්ලිමේන්තුවක් තිබෙනවා.එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවක් රටට අවශ්‍යයි.අලුත් ජනාධිපතිවරයෙක් පත් වූ නිසා අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි‘’යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    නීතිය හා පරිපාලනය රජයේ සෑම ක්ෂේත්‍රයක් තුළම කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාත්මක කිරීම යහපාලනයේ අත්‍යාවශ්‍ය අංගයක් බවත් පසුගිය කාලයේ දේශපාලන හේතු මත මාරුවීම්,සේවයෙන් පහ කිරීම් හා විවිධ අකටයුතුකම් සිදු වී ඇතැයි ද  සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya