මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව කටාර් රාජ්‍ය සමඟ ගිවිසුම් 03කට එළැඹේ

    මාර්තු 24, 2015
    ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍ය අද (24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කටාර් රාජ්‍යයේ නායක ෂීක් තමිම් බින් හමාඩ් අල් තානි මැතිතුමා ඉදිරියේ  දී ක්‍රීඩා, ජනමාධ්‍ය හා තරුණ සංවර්ධනය වෙනුවෙන් වූ ගිවිසුම් 03කට එළැඹිණි.
     
    ඒ අනුව ක්‍රීඩා ක්ෂේත්‍ර සංවර්ධනය වෙනුවෙන් වූ ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා හා සංචාරක කටයුතු අමාත්‍ය නවීන් දිසානායක මහතා ද කටාර් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය වෛද්‍ය Khalid Bin Mohammed මහතා ද අත්සන් කළහ.
     
    ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වු ගිවිසුම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ද කටාර් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යවරයා විසින් ද අත්සන් කරනු ලැබීය.
     
    තරුණ කටයුතු ක්ෂේත්‍රය වෙනුවෙන් වු ගිවිසුම සඳහා තරුණ කටයුතු රාජය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ද කටාර් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යවරයා ද අත්සන් කළහ.
     
    කටාර් රාජ්‍යයේ නායක ෂීක් තමිම් බින් හමාඩ් අල් තානි මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් ජනාධිපති කාර්යාල ඉදිරියේ දී හමුදා උත්තමාචාර පැවැති අතර එතුමා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් පැවැත්විණි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිටි කොළඹට පැමිණි කටාර් රාජ්‍යයේ නායකයා වෙනුවෙන් පැවැති පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟින් ද්වීපාර්ශවික සාකච්ඡාවන් පවත්වා ගිවිසුම් 03 අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි විය. ඉන් අනතුරුව කටාර් රාජ්‍යයේ නායකයා ජනාධිපති ලේකම් කාර්යාලයේ අමුත්තන්ගේ පොතෙහි සිය අත්සන ද යෙදීය.
     
    මෙම අවස්ථාවන් සඳහා කටාර් රාජ්‍ය නියෝජිතවරු මෙන් ම නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම්, මුදල් අමාත්‍ය රවි කරුණානායක, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්වරු ඇතුළු අමාත්‍යවරු රැසක් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු රැසක් ද එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya