මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායක තනතුර පිළිබඳ සාකච්ඡා කරන්න

    මාර්තු 24, 2015

     

    විපක්ෂ නායක තනතුර පිළිබඳ පැහැදිලි තීරණයක් ගැනීමට සිදු වන බවත් මේ ගැන සියලු දෙනා සමඟ සාකච්ඡා කළ යුතු බවත් අද (24) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ අදහස් දැක්වීමෙන් පසු ව මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීම අතරතුර අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙය ආණ්ඩු පක්ෂයේ ප්‍රශ්නයක් නොවේ. විරුද්ධ පක්ෂය මෙය විසඳා ගත යුතුයි. පාර්ලිමේන්තුවේ අලුත් තත්ත්වයක් ඇති වීම නිසා සිදු වූ දෙයක්. කතානායකවරයා විරුද්ධ පක්ෂය සමග කතා කර ගත යුතු තීන්දුවක්. විපක්ෂ නායක තනතුර වැදගත් නිසා මේ ගැන පැහැදිලි තිරණයක් ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    විපක්ෂ නායක තනතුර පිළිබඳ හොඳින් සලකා බලා තීන්දුවක් ලබා දෙන බව ද මෙහිදී කතානායක චමල් රාජපක්ෂ මහතා මීට පිළිතුරු වශයෙන් පැවසීය.

    NDH/PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya