මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු - ශී‍්‍ර ලංකා ද්විපාර්ශවික ගිවිසුම් 04 කට අත්සන්

    මාර්තු 14, 2015
    indu sri lankaදෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අගමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දෙරටට වැදගත් වන ගිවිසුම් 04 කට අත්සන් තැබීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.
     
    ඉන්දු ශී‍්‍ර ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා නව මාවතකට යොමුකරමින් ඊයේ (13) එම ගිවිසුම් සඳහා දෙරටෙහි රාජ්‍ය නිලධාරීහු අත්සන් තැබූහ.
     
    අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් 04
     
    01. රාජ්‍යතාන්ති‍්‍රක හා නිල විදේශ ගමන් බලපත‍්‍ර හිමියන්ට රටට පැමිණි විට වීසා නිකුත් කිරීම සඳහා ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම
     
    02. ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ රේගු කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව සහ අනේ‍යාන්‍ය සහාය පිළිබඳ ඉන්දියාව හා ශී‍්‍ර ලංකා අතර අවබෝධතා ගිවිසුම
     
    03. ශී‍්‍ර ලංකාවේ යෞවන කටයුතු අමාත්‍යාංශය හා ඉන්දියාවේ කී‍්‍රඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය අතර තරුණ සංවර්ධන ක්ෂේත‍්‍රයේ සහයෝගීතාව මත අවබෝධතා ගිවිසුම
     
    04. රුහුණු විශ්වවිද්‍යාලයේ ”රබින්ද්‍රනාත් තාගෝර් ” අනුස්මරණ ශ‍්‍රවණාගාරය පිහිටුවීම සඳහා ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම
    piru

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya