මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ කලාපය නැවත සමෘද්ධිමත් කළ යුතුයි - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    මාර්තු 13, 2015

    ranil-parliamentඅපේ කලාපය නැවත සමෘද්ධිමත් කළ යුතුයි. එය විශ්වාසය මත පදනම් විය යුතු දෙයක්. එයට ආරම්භය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යතුමාට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව සුබපැතුම් එක් කරමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවේදී  මේ බව ප්‍රකාශ කළේ ය.

     

    ඔබ අපේ ස්වර්ව ජන ඡන්ද ක්‍රමය ගැන, වෙස්මිනිස්ටර් ක්‍රමය ගැන කතා කළා.මේ සභාව ඉතාම දිගු ඉතිහාසයක් තිබෙන සභාවක්. ලිච්ඡවී මූලධර්මයට අනුකූලව, ගමන් කරන සභාවක් ලෙස සළකන්නට පුළුවන්.

     

    සමඟිව රැස්වීම, සමඟිව සාකච්ඡා කිරීම සහ සමඟිව විසිර යෑම,  එයයි අපේ ඉලක්කය. අපේ බලාපොරොත්තුවත් එයයි. සහයෝගිතාව සහිත සංස්කෘතියක් කර අප කොහොමද ගමන් කරන්නේ. අපේ දේශපාලන අනන්‍යතාවන් පිළිගනිමින් එහි ගමන් කිරීමයි කරන්නේ.

     

    ඉතාම වැදගත් ජන ශිෂ්ටාචාරයක් අපට තිබෙනවා. අපි ඉතිහාසයක කොටස් කරුවන්. අප ඉතිහාසය තුළින් සමීප වී සිටිනවා. නූතන ශ්‍රී ලංකාව සහ නූතන ඉන්දියාව එකට එකතු වී තිබෙනවා. අපගේ භාෂාවන්, නීතිය ,ව්‍යවස්ථාදායකය, කැබිනට් ක්‍රමය, ක්‍රිකට්, මේ සියල්ල තුළින් එකට එකතු වී තිබෙනවා.

     

    අප එකම කාසියක දෙපැත්තක්. අප එකම ගමනක් ගමන් කරන්නේ. සාමය හා සමෘද්ධිය අපේ ජනතාවට ලබාදීම තමයි අපේ ඉලක්කය. එය කලාපය සඳහා ලබාදීමත්. අපට තිබෙන්නේ එකම උරුමයක්.

     

    අපේ කලාපය නැවත සමෘද්ධිමත් කළ යුතුයි. එය විශ්වාසය මත පදනම් විය යුතු දෙයක්. එයට ආරම්භය ලබාදීම සම්බන්ධයෙන් ඔබට ස්තූතිවන්ත වෙනවා.ඔබ සිතුවිලි සහිත කතාවක් කළා.

     

    අප සතුටු වෙනවා, ඉන්දියානු රජය අවධානය යොමු කොට තිබෙනවා, තමන්ගේ අසල්වැසියන් සම්බන්ධයෙන් ඉන්දියානු සාගර කලාපයේ අනෙකුත් රටවල් සම්බන්ධයෙන්.මෙහි සාර්ථකත්වය රදා පවතින්නේ,සාර්ක් සංවිධානය හරහා, දේශපාලන නායකත්වයට වේදිකාවක් තනාදීම තුළින්. තම අඳහස් හුවමාරු කිරීම සඳහා එයට නව ජීවයක් ලබාදීම තුළින්. මේ කාර්යයයේ දී ඉන්දියාව නායකත්ව කාර්යභාරයක් ඉටු කළ යුතුයි.

     

    අපට ඔබ ආරම්භයක් ලබාදුන්නා. ඒ තුළින් අපගේ ජනතාවගේ ජීවිත පරිවර්තනය කරන්න පුළුවන්. සමීප සබඳතාවට නව පරිච්ජේදයක් ගොඩනැගීම සම්බන්ධයෙන්  මේ සභාව වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya