මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ඉන්දියාවට ශක්තියක් -ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි

    මාර්තු 13, 2015
     
    narendra modhiශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී හඩ හොදින් කැපී පෙනෙන රටක් බවත් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ඉන්දියාවට ශක්තියක් බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද (13) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.
     
    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සැපත්වීමෙන් පසුව අද සවස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පමිණියේ ය.
     
    මම ඉතාම සතුටු වෙනව, ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස ශ්‍රී ලංකාවට පැමිණීම ගැන. මේ පාර්ලිමේන්තුව මට ආරාධනා කිරීම මට ලැබුණු ගෞරවයක්. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී හඩ හොදින් කැපී පෙනෙන රටක්. අපි දෙරට අතර තිබෙන උරුමය තුළිනුයි මා මෙසේ අමතන්නේ.   
    අප දෙරටේ අන්තර් සබැදියාවන් ඉතිහාසයේ උරුමකම් තියෙනවා.  ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සහයෝගිතාව වර්ධනය කරන නියමුවෙක්. ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ඉන්දියාවට ශක්තියක්. අපේ රටේ ජනතාව සම්පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දෙනවා. 
     
    අපි හැමවිටම  අපේ රටේ ජනතාවගේ සහයෝගය ශ්‍රි ලංකාව සමග තියෙනවා. අපි කොහොමද එකිනෙකා ජාතියක් හැටියට නිර්වචනය කර ගන්නේ.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉන්දියාවට පැමිණියා. එතුමාගේ පළමු අමුත්තා මා වීම සතුටට කරුණක්. දෙරට අතර සංස්කෘතික,ආර්ථික සබඳතාවන් තරකරගත යුතුයි.අප දෙරට අතර ආරක්ෂාව සෑම විටම අවශ්‍යයි.අප කුඩා මුහුදු තීරයකින් පමණයි වෙන්ව සිටින්නේ.ත්‍රස්තවාදය ගෝලීයකරණය වී තිබෙනවා.ඉන්දීය කලාපය හැටියට දෙරටේ ආරක්ෂාව තරකරගැනීම ඉතාම අවශ්‍යයි.එය අප ඒකාබද්ධවීමෙන් ජයගන්නට පුළුවන් යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya