මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීම ගෞරවයක්

    මාර්තු 13, 2015
    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීම ඉතාමත් ගෞරවයක් බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.
     
    කතානායක චමල් රාජපක්ෂ මහතා, අද (13) පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‍මෝදි මහතා පිළිගැනීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගර්භයට කැදවාගෙන ආ පසු පිළිගැනිමේ කතාව කරමින් මේ බව පැවසීය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කතානායකවරයා, ඉන්දීය අගමැති පිළිගැනීමට ලැබීම ඉතාමත් ගෞරවයක්. පාර්ලිමේන්තු සැසි වාරයක් අමතන ප්‍රථම ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඔබතුමායි. ඉන්දියාව ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති රට විදිහටයි පිළිගන්නේ. 
     
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඔබට සෞඛ්‍ය සම්පන්න චිර ජීවනයක් ප්‍රාර්ථනා කරනවා. එමෙන් ම ගරු අග්‍රාමාත්‍යතුමාට පාර්ලිමේන්තුව අමතන ලෙස ආරාධනා කරන බව ද කතානායක රාජපක්ෂ මහතා පැවසීය.
     
    NDH/PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya