මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු ලංකා සබඳතාවන් හි නව යුගයක් උදා වී තිබෙනවා

    මාර්තු 13, 2015

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළින් ඉන්දු ලංකා සබඳතාවන් හි නව යුගයක් උදා වී ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණිම නිමිත්තෙන් සුභාශිංෂන පිරිනමමින් ස්තූති කතාව කරමිනි.

    ඔබතුමා ශ්‍රී ලංකා පාර්ලි‍මේන්තුවට සපැමිණි ඓතිහාසික අවස්ථාවේදී ස්තූති කතාව පැවැත්වීමේ භාග්‍යය මට හිමිවීම මා ලද ගෞරවයක් හා වරප්‍රසාදක් ලෙස සලකන අතර ඔබතුමාගේ සම්ප්‍රාප්තිය තුළින් අපගේ ‍මේ පාර්ලිමේන්තු සභා ගර්භය අද දින උත්කර්ෂවත් අන්දමින් වර්ණවත් වී තිබීම ගැන මා ඔබතුමාට ප්‍රශංසා කරනවා.

    ශතවර්ෂ ගණනාවක් පුරා දිවෙන සාමාජීය, දේශපාලනික, සංස්කාතික සහ ආර්ථිකම සබඳතාවන් හි දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බැඳී පවතී. ශ්‍රී ලාංකිය ජනතාවගේ හදවතට ඉන්දියාව සහ ඉන්දීය ජනතාව වඩාත් සමීප කරමින් සැදැහැවත් බොදු ලාංකීයන් දහස් ගණන් බුද්ධගයාව, බරණැස්, කපිලවස්තු පූජනිය ස්ථාන වන්දනාමාන කරති. අනාධිමත් කාලයක් සිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අතිවිශිෂ්ට වෙළෙඳ සබඳතා පවත්ගෙන යාම නිසා අද ප්‍රමුඛ ‍වෙළෙඳ හවුල්කරුවා වන්නේ ඉන්දියාවයි.

    ඔබතුමා ස්වඋත්සාහයෙන් දේශපාලන චරිතය ගොඩනගා ගත් නායකයෙකු වන බැවින් ලංකාවේත් සාර්ක් කලාපයේත් දේශපාලනඥයන් හට ඔබතුමා පරමාදර්ශී චරිතයකි. භාරත ජනතාවගේ සිත් දිනා ගැනීමට ඔබතුමා සමත් වුණේ ඔබතුමාට ආවේණික වූ සරල, අල්පේච්ඡ, කැපකිරීම් බහුල, ස්ථිර අධිෂ්ඨානයකින් යුක්ත ව මනාව සකසා ගත් ජීවන රටාවක් නිසා බව මාගේ විශ්වාසයයි. ඔබගේ දූරදර්ශී දැක්ම තුළින් හඳුන්වා දුන් නව්‍ය ඉන්දීය තාක්ෂණය ලොවට විදහාපාමින් නර්මදා නදියේ ජල ධාරාව ඉතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස උත්සාන වාරි ක්‍රමයක් ලෙස භාවිත කරමින් මිලියන 30ක ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට කටයුතු කර ඇති ආකාරය දැකගත හැකි වේ.

    ඔබතුමාගේ මෙම සංචාරය තුළින් අප දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා මෙන් ම මිතුදම චිරාත් කාලයක් සවිබල ගන්වනු ඇතැයි මාගේ විශ්වාසයයි.

    NDH/PR

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya