ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (13) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. එතුමා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන් ද එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශ සිදු කරනු ඇත.