මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද සමයේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කෙරෙන්නේ දේශීය යාන්ත‍්‍රණයකින් පමණයි

    මාර්තු 13, 2015
    පසුගිය යුද සමයේ දී සිදුවූවා යැයි පවසන මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සිද්ධීන් සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණ පූර්ණ වශයෙන් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව දේශීය පරීක්ෂණ කමිටුවක් තුළින් පමණක් සිදුකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම කරුණ අවධාරණය කළේ බි‍්‍රතාන්‍ය නිල සංචාරය අතරතුර බී.බී.සී. සිංහල විකාශය සමඟ ලන්ඩන් නුවරදී පැවති සම්මුඛ සාකච්ඡාවේදීය.
     
    මෙම පරීක්ෂණ කමිටුවට නිසි වගකීම් භාර දී කමිටුව විසින් කළ යුතු කාර්යයන් මොනවාද යන්න පිළිබඳ ව හොඳින් හඳුනාගෙන ඉලක්කගත වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය දරන අදහස් සැලකිල්ලට ගෙන එම යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීමට කටයුතු කරන බැවින් මෙම පරීක්ෂණ කටයුතු සඳහා විදේශීය කිසිවෙකු දායක කර ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත් සඳහන් කළේය.
     
    බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ හමුව වඩාත් ඵලදායී හමුවක් බවත් යුද සමයේ, පශ්චාත් යුද සමයේ සේම ශ‍්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් එතුමා ඉතාම හොඳ අවබෝධයකින් පසුවන බවත් සඳහන් කළ ජනාධිපතිතුමා ලෝකයේ සෑම රටක්ම වත්මන් රජයේ නව වැඩපිළිවෙළ පිළිබඳ ව අවධානයෙන් පසුවන බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya