මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා යෝජනා පාර්ලිමේන්තුවට ගෙන එන්න - පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමි Featured

    මාර්තු 02, 2015

    “ජනතාවට පොරොන්දු වූ පරිදි ජනතා අපේක්ෂා ඉටුකිරීම සඳහා ව්‍යවස්ථා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. යහපාලනයේ දොර ඇරෙන්නට නම් මේ ටික කරගැනීම අවශ්‍යයි. රටේ ප්‍රගතියට, ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති කාටවත් මීට විරුද්ධ විය නොහැකියි“ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

    “සාධාරණ සමාජයක් - අපි කතාකරමු'' තේමාව යටතේ කොළඹ පදනම් ආයතනයේ පැවැති සමුළුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මෙසේ පැවසූහ.

     

    “මෛත්‍රී ය යෝදාගත යුත්තේ, රටේ තිබෙන විනාශකාරී දේ වැළැක්වීමටයි. මෛත්‍රී පාලනයෙන් ඒ දේ කළ යුතුයි. අපි ඒ සඳහා බලය දී තිබෙනවා. දින සියයයෙන් මේ වැඩේ කරන්න පුළුවන්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මෙවැනි අවස්ථාවක් එන්නේ නෑ. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අමාරු කාරණයක් නොවේ. ඊළඟ පාර්ලිමේන්තුවෙන් බොරුකාරයින්ට නැවත් පාර්ලිමේන්තුවට යන්න දෙන්න බෑ.

     

    දින සියයෙන් මේවා කරන්න බැරි වුනොත් ජනාධිපතිතුමා, අපි සැවොම පරාදයි. පරණ ගමනම යන්න වෙනවා. ජනාධිපතිතුමාට පූර්ණ බලය තිබෙනවා. කාටවත් යටත් වෙන්න එපා. ඔබ තුමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය කාටවත් භාර දෙන්න එපා. ඔබතුමා කළ යුතු දේ කරන්න. ඔබ සමඟ අපි සිටිනවා“ යැයි ද පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ පැවසූ හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya