අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජය සියලු ම රටවල් සමඟ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරේ Featured

    පෙබරවාරි 28, 2015
    නව රජය සියලු ම විදේශ රටවල් සමඟ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
     
    විදේශ අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) සවස චීනයේ බෙයිජිං හි පැවති දෙස් විදෙස් මාධ්‍යවේදීන් ගෙන් සමන්විත විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
     
    දෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ චීන සංචාරය අද (28) නිමාවට පත් විය. චීන අග්‍රාමාත්‍යවරයා සහ චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු චීන නායකයෝ රැසකගේ හමු වීමෙන් පසු අද මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.
     
     
    චීනය සමඟ ගොඩනගා ඇති සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා රජය කැමැත්තෙන් පසු වන බව හෙතෙම එහිදී ‍දෙස් විදෙස් මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේ ය.
     
     
    එම මාධ්‍ය හමුවීමේදී චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා පැවසුවේ, චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී එළඹුණු එකඟතාවන් බහුතරයක් ඉතා යහපත් බවයි. ලබන මස සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චීන සංචාරයේ දී එම ගිවිසුම් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර, ක්‍රියත්මක කිරීම පිළිබඳව එකඟතාවට පැමිණෙන බව මංගල සමරවීර මහතා එහිදී පැවසීය.
     
     
    චීනයේ රැඳී සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම දෙස් විදෙස් මාධ්‍ය හමුවට එක්ව සිටියහ. විදේශ ඇමතිවරයාගේ චීන සංචාරය ඉතා සාර්ථක වු බව ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා පැවසීය.
     
    SDF/ECB/CRI
     
    mang

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya