අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100 කට වඩා තද වැසි ඇතිවීමටද ඉඩ ඇත. කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
ECB