අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දියමන්ති ඇස" ජාත්‍යන්තර සම්මානය පිළිගැන්වේ Featured

    අප්‍රේල් 29, 2014
    "ජන සෙවණ" ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රංශයේ ස්ථාපිත ඔමැක් (Otherways Management Association) ආයතනය මගින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ජර්මනියේදී පිරිනැමුණු "දියමන්ති ඇස" (The Diamond eye award for quality Commitment and Excellence) ගෞරව සම්මානය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (28)  බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන මහලේ පිහිටි එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.
     
    තත්ත්ව පාලනය පිළිබඳ කැපවීම සහ විශිෂ්ටත්වය සඳහා මෙම ගෞරව සම්මානය හිමිවී ඇති අතර මෙම සම්මානය විමල් වීරවංශ අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම සිදු කරන ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීර මහතා විසිනි.
     
    සම්මානය ලබා දීමේදී ඔමැක් ආයතනය මඟින් ලෝකය පුරා පවතින ආයතනවල තත්ත්වය කළමනාකරණය, අඛණ්ඩ සංවර්ධනය, ආයතනික අරමුණුවලට සාපේක්ෂව ආයතන කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය, සැලසුම්කරණය, අලෙවිකරණය, තොරතුරු සන්නිවේදනය, මානව සම්පත් කළමනාකරණය ආදී කරුණු කෙරෙහි අවධානය යොමුකර තිබේ.  
     
    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන "ජන සෙවණ" නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස  වැඩසටහන මඟින් නිවාස ක්ෂේත්‍රයට සිදුකරන ලද  ඉහළ ගුණාත්මක සේවාව ඇගයීම සඳහා  ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මේ ජාත්‍යන්තර "දියමන්ති ඇස" සම්මානය ලබාදුන් බව ඔමැක් ආයතනය පවසයි. 
     
    ජාතික නිවාස සංවර්ධන අධිකාරියට  වසර 35ක් සපිරෙන  අවස්ථාවේදී මේ "දියමන්ති ඇස" සම්මානය හිමවීම තවත් විශේෂත්වයකි.
     
    ජර්මනියේදී පිරිනැමුණු මේ සම්මානය ලබාගන්නා ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීර, එහි සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරුන් විසිනි. 
     
    ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා ද එම අවස්ථාවට සහභාගී විය.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයා වෙත මෙම සම්මානය පිළිගැන්වීමේ අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ මහතා ද සහභාගි විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya