අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සේවා හෑන්ඩ් බෝල් ශූරතාව ගුවන් හමුදාවට

    අප්‍රේල් 29, 2014


    පළමුවරට පැවැත්වූ ආරක්ෂක සේවා හෑන්ඩ් බෝල් තරගාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පසුගිය 25 හා 26 දෙදින තුළ පැවති අතර, එහිදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා  හෑන්ඩ් බෝල් පිරිමි කණ්ඩායම හා ශී‍්‍ර ලංකා යුධ හමුදා  පිරිමි කණ්ඩායම අතර පැවති අවසන් පුර්ව තරගයේදී අභියෝගාත්මක තරගයකින් පසුව 28 ට 27ක් ලෙස  ගුවන් හමුදා  කණ්ඩායම ජයග‍්‍රහණය කරන ලදී.


    ගුවන් හමුදා  හෑන්ඩ් බෝල් කාන්තා කණ්ඩායම අවසන් පුර්ව වටයෙහි නාවික හමුදා කණ්ඩායම සමඟ තරග වැදුණු අතර, එය 20 ට 7ක් ලෙස  ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ජයග‍්‍රහණය කරන ලදී.ගුවන් හමුදා පිරිමි හෑන්ඩ් බෝල් කණ්ඩායම සමඟ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නාවික හමුදා  කණ්ඩායම සමත් විය. එම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, එම තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරදා 30 ට 25ක් ලෙස ජය ගනිමින්  ගුවන් හමුදා  පිරිමි කණ්ඩායම 2014 ආරක්ෂක සේවා හෑන්ඩ් බෝල් තරගාවලියේ 2014 ශූරතාවය දිනා ගන්නා ගත්හ.

    අවසන් තරගයේදී ගුවන් හමුදා  කාන්තා හෑන්ඩ් බෝල් කණ්ඩායම හා යුධ හමුදා කාන්තා කණ්ඩායම තරග වැදුණු අතර, එම තරගය 15 ට 07ක් ලෙස ජය ගනිමින් ගුවන් හමුදා  කාන්තා කණ්ඩායම ආරක්ෂක සේවා හෑන්ඩ් බෝල් තරගාවලියේ 2014 ශූරතාව දිනා ගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

    මෙම තරගාවලියේ කුසලාන ප‍්‍රධානය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා අධ්‍යක්ෂක සේවා හා මිලදී ගැනීම් රියාද් අද්මිරාල් එස්. දිසානායක සහභාගී විය.ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya