අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලය- හම්බන්තොට දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    අප්‍රේල් 29, 2014


    ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ දිවයිනට බටහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ද  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑමෙන් දිවයින අවට පවතින  ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ක්ෂණිකව සුළං වේගය පැ.කි.මී. 70-80 පමණ ඉහළ යාමට හැකියාවක් පවතී .

    දිවයින අවට පවතින  ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya