අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා Featured

    අප්‍රේල් 29, 2014

    මහින්දෝදය ද්විතීයක පාසල් 1000 සඳහා උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට ගැසට් කළත් බඳවා ගැනීමට හැකි වූයේ උපාධිධාරී ගුරුවරුන් 100ක් බවත් ඉතුරු ඉංග්‍රීසි ගුරුවරුන් 900හි පුරප්පාඩු පිරවීම සඳහා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී ගුරුවරුන් බඳවා ගැනීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    නික/වාරි/ ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයීය මහින්දෝදය තාත්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.


    එහිදී අමාත්‍යතුමා සඳහන් කළේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට ගැසට් කළත් ඉන් 600ක් පමණක් බඳවා ගැනීමට හැකි බවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා 10,000ක පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවා ඇතත් අයදුම්පත් 6000 පමණක් ලැබී තිබීමට හේතුව රැකියාවට සුදුසු අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමට පසුගිය ආණ්ඩු කටයුතු නොකිරීම බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    1977 පසු විවෘත ආර්ථික ක්‍රමය මෙරටට හඳුන්වාදීමත් සමඟ දේශපාලනික තීන්දු මත මෙරටට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන්නේය. ඉන් පසු නගරයේ ජනප්‍රිය යැයි සම්මත පාසල් කිහිපයක් හඳුන්වාදීම තුළින් අනෙකුත් ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට විද‍්‍යාව, ගණිතය වැනි විෂයන් හැදෑරීමට ගමේ පාසල්වල පහසුකම් නොතිබුණු බවත් එම නිසා කලා විෂය ධාරාව ඔස්සේ කටපාඩම් කර උසස් පෙළ විභාගය සමත්වීමට උත්සාහ දැරීම නිසා බිහිවෙන රැකියාවන්ට සුදුසු පිරිසක් රටේ නො වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    රැකියාවක් නොමැති විට සමාජීය වෛරයෙන් පෙළ ගැසුණු තරුණ පිරිස් රට තුළ ප්‍රචණ්ඩත්වය ඇති කළේ. දකුණු කොරියාව, ජපානය, චීනය වැනි රටවල්වල නොමිලේ අධ්‍යාපනය ලබා නොදෙන බවත් දරුවන්ට ජීවිතය ලබා දෙන අධ්‍යාපන ක්‍රමයත් එම රටවල්වල තිබෙන බවත් ඔහු පැවසීය. දරුවෙක්ගේ සියදිවි හානිකර ගැනීමක් ගැන පුළුල් ප්‍රචාරණයක් ගෙන ගියත් ගණිතය අසමත් දහස් ගණන් දරුවන් ගැන කිසිදු සමාජ කතිකාවක් ඇති නොකළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    අමාත්‍ය එස්.බී. නාවින්න, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya