අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් බලශක්ති සංරක්ෂණය පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කෙරේ

    අප්‍රේල් 29, 2014
     
    මහනුවර දිස්ත‍්‍රික්කයේ පාසල් සිසුන් බලශක්ති හා බලශක්ති සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ආරම්භ කර ඇත.
     
    මෙහි ප‍්‍රථම අදියර යටතේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ගම්පොල අධ්‍යාපන කලාපයේ පාසල් 136ක් නියෝජනය කරමින් ළමුන් 2000ක් පමණ ”බලශක්ති හා බලශක්ති සංරක්ෂණය”යන තේමාව යටතේ චිත‍්‍ර තරගයකට සහභාගි කරවීමට නියමිතයි. 6 වසර සහ 11 වසරවල අධ්‍යාපනය ලබන පාසල් සිසුන් මේ සඳහා තෝරා ගැනේ.
     
    තෝරා ගන්නා සිසුන් සඳහා එක් දිනකට පාසල් 10ක් නියෝජනය වන පරිදි සිසුන් 400ක් පමණ තෝරා ගෙන දින පහක් තුළ ඉහත මාතෘකාව සම්බන්ධයෙන් දේශන පැවැත්වෙනු ඇත. මැයි මස 19 සිට 23 දක්වා දින පහ තුළ මෙම දේශනය පැවැත්වෙන අතර පසුව මෙම දේශනය ඇසුරෙන් චිත‍්‍රයක් නිර්මාණය කළ යුතුයි.
     
    මෙම ළමුන් අතරෙන් 100 දෙනෙක් ප‍්‍රථම වටයට තෝරා ගනු ලබන අතර දෙවන වටයේදී ඒ අතරින් ළමුන් 50ක් තෝරා ගැනේ. ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් සකස් කරන ලද බලශක්ති සංරක්ෂණය පිළිබඳ ලිපි සහ මෙම චිත‍්‍ර ඇතුළත් පොතක් මුද්‍රණය කෙරෙන අතර මෙම පොත් දිවයිනේ පුස්තකාල අතර බෙදාදීමට ද අපේක්ෂා කෙරේ.
     
    තරගය සඳහා ඉදිරිපත්වන සියලුම සිසුන්ට වටිනා සහතිකයක් පිරිනමනු ලබන අතර ප‍්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගන්නා සිසුන්ට ත්‍යාග පිරිනැමීමටද නියමිතයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya