අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ, රත්නපුර හා කෑගල්ල දිස්ත‍්‍රික්වලට නායයාමේ අවදානම තවදුරටත්

    අප්‍රේල් 29, 2014

     

    මේ දිනවල දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකට පවතින තද වැසි හා සුළං තත්ත්වය හේතුවෙන් මාතලේ, රත්නපුර හා කෑගල්ල යන දිස්ත‍්‍රික්වලට නායයාමේ අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් ප‍්‍රකාශයට පත් කර ඇත.

     

    ඒ අනුව මෙම දිස්ත‍්‍රික්වල කඳුබෑවුම්, විශාල ගල්, සංවර්ධන ව්‍යාපෘති ආශ‍්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙසත්, හැකිතරම් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත්, ජාතක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.එමෙන් ම තවදුරටත් තද වැසි තත්ත්වයක් පැවැතිය හොත් මෙම අවදානම ඉදිරියටත් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya