අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික ක්‍රියාකාරකම්වලට අදාළ පැමිණිලි විභාග කිරීමේ නව විමර්ශන ඒකකය විවෘත කෙරේ

    අප්‍රේල් 29, 2014

    ආගමික ක්‍රියාකාරකම්වලට අදාළ පැමිණිලි විභාග කිරීම සඳහා විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් ඊයේ (28) බුද්ධශාසන අමාත්‍යාංශයේ හත්වැනි මහලේදී  පිහිටුවනු ලැබීය.

    ඕනෑම ප්‍රදේශයක සිදුවන ඕනෑම ආගමික ක්‍රියාකාරකමකට අදාළ පැමිණිල්ලක්‌ මෙම නව පොලිස්‌ ඒකකය වෙත භාරදිය හැකි බව මෙම අවස්ථාවට එක් වූ  පොලිස්‌පති එන්.කේ. ඉලංගකෝන් මහතා පැවසීය.

    ආගමික ක්‍රියාකාරකමකට අදාළ පැමිණිල්ලක්‌ වෙතොත් 011-2307674 හෝ 011-2307694 දූරකතන අංක වෙත ඇමතුම් ලබාගෙන දැනුම් දෙන ලෙසද පොලිස්‌පතිවරයා මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    ආගමික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයන් රැසක්‌ පසුගිය කාලසීමාවේ වාර්තා වූ අතර, ඒවා බරපතළ තත්ත්වයන් දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි.මේ හේතුව නිසා ආගමික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් විභාග කිරීම සඳහා නව පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොලිස්‌පතිවරයාට උපදෙස්‌ දී තිබිණි.

    මෙම විශේෂ පොලිස්‌ ඒකකය පිහිටුවනු ලැබුවේ ඉන් අනතුරුවය. බෞද්ධ, ක්‍රිස්‌තියානි, මුස්‌ලිම්, හින්දු ඇතුළු ඕනෑම ආගමකට අදාළ පැමිණිලි මෙම පොලිස්‌ ඒකකය වෙත ඉදිරිපත් කළ හැක. නව පොලිස්‌ ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු මහතාත්, සහකාර පොලිස්‌ අධිකාරිවරයා ලෙස බන්ධුල පෙරේරා මහතාත් පත්කර ඇත.

     පොලිස් විමර්ශන නව ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා ද බස්‌නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීහු රැසක්‌ද සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya