අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ සමුළුවට විදේශ රාජ්‍ය නිලධාරීන් රැසක්

    අප්‍රේල් 29, 2014
    2014 ලෝක තරුණ සමුළුව සඳහා මේ වන විටත් රටවල් 159කින් තරුණ නියෝජිතයින් 700කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිත බවත්, ඒ අතර  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති මෙන්ම, මහලේකම් බෑන් කී මූන් මහතාගේ තරුණ කටයුතු පිළිබද ලේකම් අහමඩ් අල්හෙන්දාවි මහතා ඇතුළුව රටවල් රැසක තරුණ කටයුතු අමාත්‍යවරුන් රැසක්ද මෙම සමුළුව සඳහා සහභාගිවීමට නියමිත ව ඇතැයි යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" තුළ තාරුණ්‍යය තුළින් ගොඩනඟන දේශයක් බවට පත්කිරීමේ උදාරතර සංකල්පය ලොවට විදහා  දැක්වීමේ අවස්ථාවද මෙම තරුණ සමුළුව සඳහා අපට හිමිවන බවත්, ලංකා ඉතිහාසයේ මෙවන් වූ අත්දැකීමක් මින් පෙර තාරුණ්‍ය වෙනුවෙන් නොලැබූණ නිසා අපට මෙම අවස්ථාව මහත් ආශිර්වාදයක් බවත්,  යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ පිහිටුවා ඇති තරුණ සමුළු සභාපති සම්බන්ධීකරණ කාර්යාලයේ ප‍්‍රධානී රසිත දෙලපොළ මහතා විසින් ප‍්‍රකාශ කරන ලදි.
     
    15 වන ලෝක තරුණ සමුළුව මැයි 06 වන දින සිට 10 දක්වා පැවැත්වීමට නියමිත අතර මෙහි සමාරම්භක උළෙල හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සලසා ඇත.
     
    සමුළුවේ අනෙකුත් සැසි මැයි 07 සිට 10 දක්වා කොළඔ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර මෙම සමුළුව ආසියානු කලාපයේ මෙන් ම ශ්‍රී ලංකාව තුළද ප‍්‍රථම වරට  පැවැත්වීමට හැකියාව ලැබීමද  ශී‍්‍ර ලංකාව ලැබූ ජයග‍්‍රහණයක් බවද පැවසේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya