අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියට්නාම ජනාධිපති Ho Chi Minh වෙනුවෙන් සමරු මුද්දරයක්

    අප්‍රේල් 29, 2014
    වියට්නාම ජනතාවගේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) මැතිතුමා වෙනුවෙන් සමරු මුද්දරයක් ඊයේ (28) තැපැල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී නිකුත් කෙරිණි. 
     
    Ho Chi Minh මැතිතුමාගේ 124 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නිකුත් කළ මෙම සමරු මුද්දරය තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතා අතින් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ටොම් සිං ටැන් මහතා වෙත පිරිනැමීය.
     
    රුපියල් 5ක වටිනාකමින් යුතු නව තැපැල් මුද්දරය වර්ණ හතරකින් සමන්විතය. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එච්.එම්. ෆවුසි, තැපැල් සේවා ඇමැති 
     
    ජීවන් කුමාරතුංග, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර, තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, තැපැල්පති රෝහණ අභයරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
    ho chi min
     
     
    ho chi min 1
     
     
    ho chi min 2
     
     
    ho chi min 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya