අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන් කී-මූන්ගේ වාර්තාවේ අඩංගු ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ හිමිකම් ගැටලු ශ්‍රී ලංකාවේ විවේචනයට Featured

    අප්‍රේල් 28, 2014

    එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී-මූන් විසින් එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ගැටුමේ දී සිදු වන ලිංගික ප්‍රචණ්ඩත්ව ගැටලු පිළිබඳ වාර්තාවේ අඩංගු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා වගවීම පිළිබඳ කරුණු ශ්‍රී ලංකාව විවේචනය කරයි.

     

    පසුගිය අඟහරුවාදා ඉදිරිපත් කර ඇති මහලේකම්වරයා වාර්තාවේ දී එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුවේ යෝජනාව පිළිබඳ කරුණු දක්වා තිබීම සම්බන්ධයෙන් සැලැකිලිමත් වන බව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලය වෙත පැවැසී ය.
     

    මේ වසරේ වාර්තාවේ මානව හිමිකම් සමුළු යෝජනාව, වගවීම හා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිළිබඳ කරුණු අඩංගු වෙතැ යි රජය පවසයි.
     

    "අදාළ ගැටලුව හා සම්බන්ධ නොවන මෙවන් ගැටලු, මේ වාර්තාව තුළට ඇදැදැමීම පිළිබඳ ව කනගාටු වන බව" ශ්‍රී ලංකා රජය සඳහන් කළේ ය.
     

    සහය සැපැයීම ඇතුළු ව ගැටුම්වල දී ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි ව පියවර ගැනීම සඳහා අදාළ සියලු රාජ්‍ය සමඟ සම්බන්ධ ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් ගේ සංවිධානය වෙත පැවැසී ය.
     

    "මේ ක්‍රියාවලියේ දී පරමාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව යන මූලධර්ම වෙනුවෙන් සාමාජික රටවල ගරුත්වය රැකිය යුතු ය" යි ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.


    TJ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya