මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් කාලගුණයට බලපෑම් Featured

    අප්‍රේල් 29, 2014

    අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් හමා එන සුළං හමුවන ප්‍රදේශය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (29) අපරභාගයේදී  සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100කට වඩා තද වැසි ඇතිවීමටද ඉඩ ඇත.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya