අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වන විට ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය නැති කිරීම අපේ ඉලක්කයි

    අප්‍රේල් 28, 2014

    අපේ රටේ දරුවන්ගෙන් 21%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් එය 2015දී සියයට 12 දක්වා අඩු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන නමුත් අපේ වැඩපිළිවෙළ යටතේ 2015 වන විට මන්දපෝෂණය බිංදුව දක්වා අඩු කිරීම මෙරට ඉලක්කය බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    ඒ සඳහා සත්ත්ව ප්‍රෝටීන් පරිභෝජනය වැඩි කළ යුතුයි. සත්ත්ව ප්‍රෝටීන් සියයට 72ක් ලබාදෙන මත්ස්‍ය පරිභෝජනය වැඩිකිරීම සඳහා මත්ස්‍ය මිල අඩු කිරීමට ධීවර අමාත්‍යාංශය දැනටමත් වැඩපිළිවෙළක් යොදා ඇතැයි ද මාතලේ දිස්ත‍්‍රික්කයේ දේවහූව හා කණ්ඩලම ජලාශ නිරීක්ෂණය කිරීමේ චාරිකාවට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා පැවසුවේය.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතාකළ අමාත්‍ය සේනාරත්න මහතා මෙසේද පැවසීය.
    "මත්ස්‍ය පරිභෝජනය වැඩිකිරීම සඳහා මත්ස්‍ය මිල අඩු විය යුතුයි. ඒ සඳහා ධීවර සංස්ථා අලෙවිසැල් සංඛ්‍යාව වැඩි කර තිබේ. අලෙවිසැල් 51 සිට 135 දක්වා වැඩි කිරීමෙන් සාධාරණ මිලට ගුණාත්මක මාළු ලබාදීමට පියවර ගෙන තිබේ. මේ නිසා සංස්ථා මාළු මිල අඩු බැවින් වෙළෙඳපොළේ මාළු මිලද අඩු වී ඇත. දෛනික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ග‍්‍රෑම් 30 සිට ග‍්‍රෑම් 41.5 දක්වා වැඩි කිරීමට මේ වන විට හැකි වී තිබෙනවා. ඒ අනුව 2014 වසර අවසන් වන විට ග‍්‍රෑම් 50 දක්වා වැඩිකිරීමටත් එය 2015 වන විට ග‍්‍රෑම් 60 දක්වා වර්ධනය කිරීමටත් ඉලක්කයක් අපට තියෙනවා. මේ ඉලක්කය ජයගැනීමෙන් අපේ රටෙන් මන්දපෝෂණය සම්පූර්ණයෙන්ම දුරුකිරීමට හැකිවෙනවා. ලෝකයේ අද වැඩිම ඉල්ලුම ඇත්තේ මිරිදිය මත්ස්‍ය වගාවටයි. එයට හේතුව මුහුදු මත්ස්‍ය වගාව අද එන්න එන්නම අධික මිල සහිත වීමයි. එයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ ලෝකයේ ඉන්ධන මිල වැඩිවීමයි. ලෝකයේ සියයට අනූවක් මේ මිරිදිය ධීවර වගාව සිදු කරනු ලබන්නේ ආසියාවේයි. ඒ නිසා අපට විශාල ඉදිරි දැක්මක් තිබෙනවා. මේ ජලජීවී වගාව දියුණු කිරීමෙන් ලංකාවේ පරිභෝජනයට පමණක් නොව මත්ස්‍ය අපනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ජලජීවී වගාවන්ට ඉතා හොඳ අනාගතයක් තිබෙන නිසා මිරිදිය ධීවර වගාව කෙරෙහි අවධානය යොමු කරන්න " යැයි අමාත්‍ය පැවසීය.


    මේ අවස්ථාවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත චන්ද්‍රසෝම මහතාද සහභාගී විය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya