අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝඅඕ සංසදයේ වාර්ෂික සම්මේලනය චීනයේ Featured

    අප්‍රේල් 28, 2014

    බෝඅඕ සංසදයේ (Boao Forum) 2014 ආසියානු වාර්ෂික සම්මේලනය චීන අග්‍රාමාත්‍ය ලී කෙ කීඅන්ග් (Li Ke Qiang) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා චීනයේ දී පැවැත්විණි.


    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අවස්ථාවට එක්ව සිටියේය. මේ අවස්ථාවට රටවල් රැසක අගමැතිවරුන් හා අමාත්‍යවරු සහභාගී වූහ.


    මේ සම්මේලනය බීජීන් විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරනු ලැබීය.

     

    ආසියානු ව්‍යවසායකත්වය තුළ ආසියානු සංස්කෘතිය හා තරගකාරීත්වය මෙහිදී සාකච්ඡා කෙරිණි. ආසියානු සංවර්ධනය සඳහා ආසියාවේ විවිධ රටවල් අතර විවිධ ශිෂ්ටාචාර හුවමාරුව සහ ඒවා පිළිබඳ ඉගෙනගැනීම තුළින් මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගතියට හා ලෝක සාමයට හේතු වන බව මෙම සම්මේලනයේදී පෙන්වා දී තිබේ. ආසියානු ආර්ථික ඒකාග්‍රතා ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් ලෙස ආසියානු සංස්කෘතිය හා ගවේෂණ අතර සංවාදයක් ඇතිවීම වැදගත් බව ද මෙහිදී අනාවරණය වී ඇත.

     

    මේ සැසිය සඳහා ඉන්දියානු රජයේ සැලසුම් කොමසාරිස්වරයා, චිනයේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා, හිටපු වෙළෙඳ අමාත්‍යවරයා, බීජින් විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා සහ කුලපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya