අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතුරුම් සඳහා ධීවර කාන්තාවන්ගේ නායකත්වයෙන් වැඩපිළිවෙළක්

    අප්‍රේල් 28, 2014

    ධීවර ජනතාව තමන් උපයන මුළු මුදලම වියදම් නොකර ඉන් කොටසක් තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීමට යොමුවීම ඉතා වැදගත් බවත් ඒ සඳහා ධීවර දෙපාර්තමේන්තුව මඟින් ධීවර කාන්තාවන්ගේ නායකත්වයෙන් වැඩපිළිවෙළක් යොදා තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල ධීවර ව්‍යාපෘති රැසක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.

    "අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව සාගරය සම්පතක් බවට පත් කිරීමේදී ධීවරයාට සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා. ඒ අනුව අපේ ආර්ථිකයේත් සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේත් ධීවරයාටයි. මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් උචිත යැයි කියනවා වගේම මහමුහුදේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ධීවරයාද රජකමට තරම් වටිනා බව කිව යුතුයි. එවන් වටිනාකමක් ඇති ධීවරයා තම දරු පවුල යහපත් තත්ත්වයෙන් ගොඩනගා ගැනීමට නම් තමන් උපයන මුදලින් කොටසක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරමින් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට කැපවිය යුතුයි.

     

    මේ සඳහා ධීවර ගෘහණියට විශාල වගකීමක් පැවරී තිබේ. තම පවුල වෙනුවෙන් ඉතුරු කිරීමේ කාර්යභාරයේදී නායකත්වය ගත යුත්තේ ධීවර ගෘහණියයි. එම නිසා ඇය මනා කළමනාකාරිත්වයකින් යුතුව තම පවුලේ මූල්‍ය පාලනය කළ යුතු අතර ඉන් කොටසක් ඉතුරු කිරීමටද යොමු විය යුතුයි. ඒ සඳහා අප ධීවර මහා සම්මේලනය හරහා වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා" යැයි පැවසීය.

     

    මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ධීවර අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි, ධීවර මහා සම්මේලනයේ මහ ලේකම් පේමසිරි පෙරේරා මහත්වරුද සහභාගී වූහ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya