අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් නිලධාරීන්ට මාර්ග ආරක්ෂාව පිළිබඳ පුහුණුවක් හෙට

    අප්‍රේල් 28, 2014

    පොලිස් නිලධාරීන් සඳහා වූ මාර්ග ආරක්ෂාව පිළිබඳ පුහුණු වැඩමුළුව හෙට (29) පෙ.ව.9.00ට මොරටුව විශ්වවිද්‍යාලයීය සිවිල් ඉංජිනේරු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    1998 අංක 05 දරණ රථවාහන පනතට ගෙන එන ලද සංශෝධනය මගින් මාර්ග අනතුරු වැළැක්වීමේ ජාතික ආයතනය ලෙස මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ස්ථාපිත කරන ලදී. පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ගමනාගමන කොමිසම් සභාව ඇතුළු ආයතන 17ක නිලධාරී මණ්ඩලයක් මාර්ග ආරක්ෂව පිළිබඳ ජාතික සභාව නියෝජනය කරයි.

    මාර්ග රිය අනතුරු අවම කරමින් සුරක්ෂිත මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාවාසී ජනතාවට ලබාදීම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ මූලික අභිලාෂය සහ අපේක්ෂාවයි.මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නියෝජිතයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව මාර්ග රිය අනතුරු අවම කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එකී කාර්යය වඩාත් සාර්ථක ලෙස හා කාර්යක්ෂමව ඉටු කර ගැනීමට රථ වාහන පොලිස් නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කලයුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ හැඟීමයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya