අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදේ දී ධීවරයන් හා ධීවර යාත‍්‍රාවල අාරක්ෂාව සම්බන්ධයෙන් ජාතික සැලැස්මක්

    අප්‍රේල් 28, 2014

    මුහුදේ දී ධීවරයන්ගේ සහ ධීවර යාත‍්‍රාවල ආරක්ෂාව පිළිබඳ ප්‍රථම වතාවට ජාතික සැලැස්මක් ඉදිරිපත් කරන බවත් මේ සැලැස්ම තුළින් බලාපොරොත්තු වන්නේ ධීවරයාව මුහුදේදී සිදු විය හැකි අනතුරුවලින් වළක්වා ගැනීමට බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    මේ ගැන සෑම ධීවරයෙක්ම දැනුවත් කිරීම ඉතා වැදගත් වන අතර ජාතික ධීවර සම්මේලනය හරහා සෑම ධීවරයෙකුම දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව ජාතික ධීවර සම්මේලනය හරහා සෑම ධීවරයෙකුම දැනුවත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීමටත් ඒ මඟින් ධීවරයා දැනුවත් කර ඔවුන්ව ආරක්ෂා කරගැනීම, ධීවරයාට ප‍්‍රථමාධාර, ජීවිතාධාර ඇතුළු ආරක්ෂක පියවරයන් සඳහා උනන්දු කිරීමටත් අපේක්ෂිතය. ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සැලකිය යුතු විදේශ විනිමයක් උපයන අතරම විශාල ජන කොට්ඨාසයකට ජීවනෝපාය මාර්ග සලසා දෙන අතර ධීවරයින්ගේ මෙන්ම ධීවර යාත‍්‍රාවල ද ආරක්ෂාව වැඩිදියුණු කිරීම මඟින් සමාජ, ආර්ථික ප‍්‍රතිලාභ ජාතික මට්ටමේ සිට ප‍්‍රජා මට්ටම දක්වා ගලා යෑමක් සිදු වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති ධීවර සුරක්ෂිතතාව පිළිබඳ සාකච්ඡාවට එක්වෙමිනි.

     

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සකස් කරන ලද මේ සැලැස්ම පසුගිය වසරේදී හඳුන්වා දෙනු ලැබීය. මේ සැලැස්ම සකස් කිරීම සඳහා තාක්ෂණික හා මුල්‍යාධාර ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ව්‍යාපෘතියක් වන ස්පාඤ්ඤ ආධාර මඟින් ක‍්‍රියාත්මක වන ධීවර ජීවනෝපාය නැංවීමේ කලාපීය වැඩසටහන මඟින් සිදු කෙරිණි. ධීවරයින් හා ධීවර යාත‍්‍රාවල මුහුදේදී ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික සැලැස්ම දියත් කිරීම ශ‍්‍රී ලංකාවේ ධීවරයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කෙරුණු දැවැන්ත ඉදිරි පියවරකි. මේ පිළිබඳව පසුවිපරම් කිරීම ඉතා වැදගත් බවද මේ සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.

     

    ශ‍්‍රී ලංකාවේ ධීවරයින්ගේ මුහුදේදී ආරක්ෂාව සම්බන්ධයෙන් වන ජාතික ප‍්‍රවේශය සැලස්මෙහි අන්තර්ගත වේ. මින් පෙර තනි තනි වශයෙන් සිදු කළ ක‍්‍රියාකාරකම් ඵලදායී ලෙස ඒකාබද්ධ සැලැස්මක් යටතේ සිදුකිරීමට මින් ශක්තිමත් අඩිතාලමක් සැපයෙන අතර එම ක‍්‍රියාකාරකම් සිදු කරන ආයතනයන්හි වගකීම් පැහැදිලිව මෙහි දක්වා ඇත. සැලැස්ම සකස් කිරීම සඳහා මුහුදේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජුවම හා වක‍්‍රව දායකවන රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතයන්හි දායකත්වය ලබා ගත් අතර මීට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ලංකා ධීවර වරාය සංස්ථාව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශ‍්‍රී ලංකා වෙරළ ආරක්ෂක සේවාව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා පොලීසිය, සන්නිවේදන නියාමන කොමිසම මෙන්ම ධීවර ප‍්‍රජාව ද අයත් වේ.

     

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.

     

    මින් පෙර ධීවරයින්ගේ හා ධීවර යාත‍්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ පියවර ගෙන තිබුණත් විසිරී පැවති එම ක‍්‍රියාකාරකම් එක ලේඛනයක් ලෙස ගෙන ඊට නව පියවර ද ඇතුළත් කොට එය ජාතික සැලැස්මක් ලෙස කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාව පැවතුණි. මේ සැලැස්මේ නිශ්චිත අරමුණු ලෙස මුහුදේදී ධීවරයින්ගේ හා ධීවර යාත‍්‍රාවල ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සහතික වීමත් මේ සම්බන්ධයෙන් ප‍්‍රජා මූලික සංවිධානයන්හි ක‍්‍රියාකාරී සහභාගීත්වය ලබා ගැනීමත් සඳහන් කළ හැකියි. ධීවරයින්ට අනතුරකට මුහුණ දීමට ඇති හැකියාව වර්ධනය කිරීමත් යාත‍්‍රා නිපදවන්නන්ට හා උපකරණ සපයන්නන්ට තත්ත්වයෙන් උසස් යාත‍්‍රා, උපකරණ හා සේවාවන් සැපයීමට හැකි වන අයුරින් තත්ත්ව ප‍්‍රමිතීන් ද මෙහි ඉදිරිපත් කරනු ඇත. එසේම ධීවර අනතුරු වාර්තා කිරීමේ පද්ධතියක් හා ජාතික සෝදිසි මෙහෙයුම් හා ගලවාගැනීමේ යන්ත‍්‍රණයක් ද මෙහි දී සාකච්ඡාවට ගත් බව ධීවර අමාත්‍යාංශය පැවසීය.

     

    ධීවරයින් සඳහා ඔවුන්ගේ රැකියාවේ විවිධ මට්ටම් සඳහා පුහුණුවක් සහ ප‍්‍රවීණතා සහතිකයක් ලබා දීමටත් මෙමඟින් නිර්දේශ කර තිබේ. ඵලදායී ප‍්‍රතිපත්තිමය, නෛතික හා ආයතනික යන්ත‍්‍රණ ස්ථාපිත කිරීම ද මෙහි අන්තර්ගත වන තවත් එක් නිර්යාතයකි. එපමණක් නොව සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමේ සැලසුමක් ද ඊට අදාළ වගකීම් හා සම්බන්ධීකරණ සැලසුම් ද කාලවකවානු ද මෙහි ඇතුළත් වේ. මේ නිසා අප මෙම සැලැස්ම ක‍්‍රියාත්මක කිරිම සඳහා මේ වන විටත් ජාතික ධීවර මහා සම්මේලනයේ සහයෝගය ලබාගෙන දිස්ත‍්‍රික් මට්ටමින් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya