අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ නායකයන්ගේ සමුළුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

    අප්‍රේල් 28, 2014

    ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ නායකයන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මීගමුවේදී ආරම්භ විය.


    රටවල් 21ක බාලදක්ෂ නායකයන් දෙසීයකට අධික ප්‍රමාණයකගේ සභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සිව්දින සමුළුව හෙට (29) අවසන්වීමට නියමිතය.

     

    ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපීය කාර්යාලය හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සංවිධානත්වයෙන් මීගමුව ගෝල්ඩ් සෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවේදී පුහුණු සැසිවාර, දේශනා, වැඩමුළු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සිදුකිරීමට නියමිතය.
     

    අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බාලදක්ෂ නායක සමුළුව සඳහා නීතිපති පාලිත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු, ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවේ සභාපති ආචාර්ය චාඔ ශො පෝ, ලෝක බාලදක්ෂ කමිටුවේ සභාපති සයිනම් හෑන්ග් බොක් රී, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජනරාල් ස්කොට් ටියර්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ලෙස්ලි රූපසිංහ, ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා යන මහත්වරු සහභාගී වූහ.

     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya