අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවා වනිතා ඒකකයෙන් පොලී රහිත නිවාස ණය

    අප්‍රේල් 28, 2014

    සන්නද්ධ සේවාවන්හි ආබාධිත වූවන්, මියගිය අයගේ ළඟ ම ඥාතීන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙතින් පොලී රහිතව ණය ලබාදීමේ ව්‍යාපෘතියේ 20 වැනි අදියර යටතේ සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවන්ට චෙක්පත් ප්‍රදානය කිරීම හෙට (29) පෙරවරු 10.30ට එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේදී අනුමත කරන ලද ණය මුදලේ ප්‍රථම වාරිකය වශයෙන් රුපියල් 100,000ක මුදලක් ඉල්ලුම්කරුවන්ට ලබා දෙනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya