අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ සමුළුවට ශ්‍රී ලංකාවෙන් 520ක් පුහුණු කරයි

    අප්‍රේල් 28, 2014
    ජාත්‍යන්තර තරුණ සමුළුවේ ස්වේච්ඡා කටයුතු සඳහා තරුණ තරුණයින් 520 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන් සඳහා ශ‍්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේදී පවත්වන පුහුණු වැඩමුළුව හෙට (29) අවසන් වේ.
     
    ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ලාංකීය තාරුණ්‍යයට නව ජවයක් එකතු කරමින් මෙවර ජාත්‍යන්තර තරුණ සමුළුව ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. ඒ වෙනුවෙන් නායකත්ව කුසලතා වර්ධනය, පෞරුෂ වර්ධනය, කණ්ඩායම් හැඟීම වැනි අංග ඉලක්ක කරගෙන මේ කණ්ඩායම පුහුණු කෙරේ.
     
    මෙම පුහුණු කටයුතු භාරව කටයුතු කරන ජාතික යොවුන් සේනාංකයේ සභාපති, නලින්ද ඉලංගකෝන් මහතා අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ මෙම පුහුණුව තරුණ සමුළුව සඳහා පමණක් ඉලක්ක කරගත්තක් නොව මොවුන් අනාගතයේදී රටට වැඩදායක තරුණ පිරිසක් බවට පත්වීම සඳහා අවශ්‍ය සෑම පුහුණුවක් මෙම වැඩමුළුවට අයත් බවය. මෙම පුහුණුව මඟින් තරුණ සමුළුවේ කටයුතුද ඉතා සාර්ථකව සිදුකිරීමට මෙම පිරිසට හැකියාව ලැබේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya