අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසනීය පුද්ගල අනන්‍යතාව ජාතික හැඳුනුම්පතයි

    අප්‍රේල් 27, 2014

    2016 සිට ක්‍රියාත්මක පරිගණකගත ජාතික හැඳුනුම්පත වයස අවුරුදු 15ට වැඩි සියලු පුරවැසියන් අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල් ආර්.එම්.එස්‌. සරත් කුමාර මහතා අවධාරණය කරයි.

    මේ වසර දෙකට පමණක් ලබා දෙන ද්විභාෂා හැඳුනුම්පත ඉල්ලුම් කරන්නන්ට පමණක් ලබා දෙනු ලැබේ.

    දැනට ඇති හැඳුනුම්පත හේතුවෙන් පුද්ගලයා නිසි පරිදි හඳුනාගැනීමේ අපහසුතා මෙන්ම ඔහුට යම් සේවාවක් ලබාගැනීමේදී සිදුවන අපහසුතා ද මතුවේ.

    විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාගැනීමේදී අදාළ පුද්ගලයාගේ පවුලේ අයගේ විස්තර ද ඊට ඇතුළු කරන අතර ඇඟිලි සලකුණු යොදා ඊට නිසි අංකයක් ද ලබා දෙයි. මේ නිසා යම් වැරදි සහගත ලිපියක් හෝ උප්පැන්නය හෝ ඉදිරිපත් කර ජාතික හැඳුනුම්පත ලබාගත්ත ද පුද්ගලයා හඳුනාගැනීමට දත්ත නිසි ලෙස ගබඩා වෙයි.

    මෙය සැකසීමේ දත්ත විද්‍යුත්කරණය කිරීම මේ ජූලි මසදී ආරම්භ කිරීමට නියමිතය. ජාතික පුරවැසි දත්ත පද්ධතිය සැකසීම වර්ෂ 2015 අවසන් වීමට පෙර සිදුකෙරෙන බව ද ඒ අනුව 2016 දී විද්‍යුත් ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන්ම නිකුත් කිරීමේ කටයුතු කඩිනම් කරන බව ද සරත් කුමාර මහතා පවසයි.


    HC/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya